Friday, December 4, 2015

" කාන්තාවන් සියල්ලන්ම වැරදි නම් පිරිමි පමණක් නිවැරදිද ?


"THE STONING OF SORAYA M"

ඔබත් අනිවාර්යෙන්ම මේ සිනමා කෘතිය නරඹන්න 
 
මේ මිලේච්ච සංස්කෘතියට එරෙහිව ඔබේ පළමු ගල ගසන්න ..!!!

Dont act like the hypocrite 
 
who thinks he can conceal his wiles 
 
while loudly quoting the Koran

වසාලන්නට තම කපටිකම්

කුරානය උපුටා දක්වමින්

කුහකයෙකු සේ

රඟනු කුමටද

14 වන සියවසේ ඉරානයේ විසු හෆේස් නම් කවියෙකුගේ පදමාලාවකින්
 මේ සිනමා කෘතිය ආරම්භ වේ. මේ උදෘතය තුලම මේ අනුවේදනීය කතාවම රැඳී ඇත.

"සිරගතව සිටින අප සියල්ලම වැරදි නම් ඉන් පිටත සිටින සියල්ලන්ම
 නිවැරදිද " මේ මැගසින් බන්ධනාගාරයේ නාඳුනන සිරකරුවෙකු ලිවූ 
වදනකි. මේ සිනමා සිත්තම තුලද එවැනිම මහා ගැඹුරක් ඇති දෙබසක් 
මා දුටුවෙමි. මේ කතාංගයේ ගල් ගසා මරාදමන සොරායා ගේ 
නැන්දනියවන සහ්රා මෙසේ අසන්නේය...


" කාන්තාවන් සියල්ලන්ම වැරදි නම් පිරිමි පමණක් නිවැරදිද ? "


මිත්‍යාදෘෂ්ඨික ජනයා තම ඇදහීම් 
තුලින් මනුෂ්‍යත්වය කීතු කීතු වලට
 ඉරා වනසා දමන අයුරු
 "THE STONING OF SORAYA M" 
චිත්‍රපටය අධ්‍යක්ෂ Cyrus 
Nowrasteh සමත් වී ඇත.

 එමෙන්ම පුරුෂාධිපත්‍යට යටත් වූ  පසුගාමී සමාජ වටපිටාවක   කාන්තාවන් ගේ ඉරණම ඉතා  අසාධාරණ ලෙස විසඳෙන අයුරු  
 සිනමාවට නගා ඇත්තේ සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙනය. 

ප්‍රංශ ඉරාන සාහිත්‍යවෙදියෙකු වූ Freidoune Sahabjam විසින් රචිත
 THE STONING OF SORAYA නවකතාව ලෝකයේ අලෙවි වාර්තා
 තැබූ පොතකි. එම සිදුවීම් මාලාව අලලා ඉරාන සිනමාව ලොවට දායාද 
කල මහා ආදර්ශමත් මෙන්ම හද සසලවන සිනමා නිර්මාණයකි මේ.

(ආ)ත්මය( ග)ලවා ගැනීමේ (ම)ග වූ ආගම දඩමීමා කරමින් තමන්ගේ පටු
 පවිටු චේතනා ඉෂ්ඨ සිද්ධ කරගැනීමට මෙවන් නීච සිදුවීම් ලොව පුරා 
බොහෝ රටවල සිදුවේ. අද දිනයේ අයෙකුට මවක් සහෝදරියක්
 පෙම්වතියක් මිතුරියක් වූ අපේම ගැහැනියක් සෞදී අරාබියේ මොලේ
 නැති කාලකන්නින්ගේ ශාරියා නම් ගල් යුගයේ නීතියට යටත් කරමින්
 මෙලෙසම මරා දමනු ඇත.





                                                                                    - චූලක බණ්ඩාරවත්ත -


චිතුපටය නැරඹීමට මේ ලින්ක් ඔස්සේ පිවිසෙන්න...... 


http://putlocker.is/watch-the-stoning-of-soraya-m-online-free-putlocker.html
 




1 comment:

  1. බෙහෙවින්ම තුති අයියෙ.....!
    මේ මිලේච්ච සංස්කෘතියට එරෙහිව ඔබේ පළමු ගල ගසන්න ..!!

    ReplyDelete